Home » Music » හතර දෙනාම එක තැනක/hathara denama eka thanaka/weraliyadda /dhamith/chamara /sampath anurudhdha/

හතර දෙනාම එක තැනක/hathara denama eka thanaka/weraliyadda /dhamith/chamara /sampath anurudhdha/

Written By සත්සර ගී මිණ /sathsara gee mina on Saturday, Aug 05, 2023 | 08:00 AM

 
ශ්‍රිලංකාවේ ගීත කලාව වෙනස්කල හඬ පෞරුෂය සේනානායක වේරලියද්ද නම් අසහය ශිල්පියාය..වේරලියද්ද ලංකා ගී රසික පිරිස වේගයෙන් තම අධීපත්‍යට යටත් කර ගනිමින් සිටින විට එම හඩට වශිකෘත වු රසිකයනට එම හඬ හැර වෙනත් කිසිවක් අනවශ්‍ය විය..එහි ප්‍රතිපලය රන්සිලු කැසැට් ආයතනය චාමර වීරසිංහනම් වු ගැටයා කරලියට ගෙන ඒමයි..වේරලියද්දගේ හඬට ඉතා ආසන්න හඬකට උරුමකම් කී චාමර ගැයූ මුල්ම ගී බොහෝ අය සිතුවේ වේරලියද්ද ගයන ගී ලෙසයි..ඒවා ජනප්‍රිය වූයේ වේරලියද්දගේ අලුත් ගීත ලෙසයි..නමුත් වේරලියද්ද අභිභවමින් චාමර තම නම හදා ගත්තේ කාලයට සරිලන ගී ගොන්නක් නව නිර්මාන ලෙස පැමිනි නිසාය..චාමර ජනප්‍රිය වන විට එයට අභියෝග කරනට අනිකුත් කැසැට් ආයතන වලට එම හඬට සමාන හඬවල් අවශ්‍ය විය..එහි ප්‍රතිඵලය දමිත් හා සම්පත්ගේ ආගමනයයි..එක සමාන හඬ පෞරුෂයන් හතරක් කරලියට පැමිනියේ එම හඩට රසිකයන් දැක්වු ආකර්ෂන නිසාය..එම හඬට ආසන්න තවත් බොහො ගායකයන් ජනප්‍රිය ගී ගැයු අතරන අදටත් මා සිතන ආකාරයට ලංකාවේ වැඩි රසිකයන් පිරිසක් ආශ කරන හඬ මෙම හඬයි..