Home » People & Blogs » වතුරවිල ආරණ්‍ය සේනාසනය | භාවනා අසපුව | සිත නිවන තැන | Wathuravila Aranya

වතුරවිල ආරණ්‍ය සේනාසනය | භාවනා අසපුව | සිත නිවන තැන | Wathuravila Aranya

Written By Dasun Kavishka on Monday, May 08, 2023 | 04:30 AM

 
වතුරවිල ආරණ්‍ය සේනාසනය 1953 වර්ෂයේ දී බෝධිසත්ව ගුණෝපේත වතුරවිල ශ්‍රී ඤාණානන්දාභිධාන වනවාසී මහනායක හිමිපාණන් විසින් ආරම්භ කරන ලද වතුරවිල ආරණ්‍ය සේනාසනය ගාල්ල දිස්ත්‍රික්කයේ කහදූව, වතුරවිල ගුලන කන්ද ආශ්‍රිතව පිහිටා ඇත. ඇල්පිටිය කහදූව මාර්ගයේ හෝ පිටිගල මාර්ගය ඔස්සේ කිලෝමීටර් 15ක් දුර ගෙවා අක්කර 80ක පමණ භූමිභාගයකට හිමිකම් කියන මේ පිංබිමට පැමිණිය හැකිය. මිනුවන්ගොඩ ස්ටාර් ග්‍රැනයිට් ගල් කැටයම් අධිපති විශ්වකීර්ති දේශමාන්‍ය H. C. L. වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ලාංකීය නිර්මාණකරුවන් පිරිස කයෝත්සර්ග අභය මුද්‍රාවෙන් යුත් අඩි 42ක් උස ශෛලමය බුද්ධ ප්‍රතිමාව හා පසුබිම් නිර්මාණ වන මල් අසුන, පියගෙට පෙළ හා කොරවක්ගල් යන සියල්ල ගලින් ම මනාකොට නිර්මාණය කර ඇත. වසර 08ක පමණ මෙම නිර්මාණ වෑයම සඳහා කෝටි 05ක ධනස්කන්දයක් වැය වී තිබේ. #travel #temple #vathuravila #hikkaduwa #galletemple #familytrip