Home » Entertainment » ඔය බණ අහන ගමන් නිදාගත්තා කෙනා ආත්ම 500ක් එක දිගට නාගයෙක් වෙලා ඉපදුණ කෙනෙක් ඒක නිසා තමයි..

ඔය බණ අහන ගමන් නිදාගත්තා කෙනා ආත්ම 500ක් එක දිගට නාගයෙක් වෙලා ඉපදුණ කෙනෙක් ඒක නිසා තමයි..

Written By Ranmal Lasantha on Sunday, Jul 11, 2021 | 11:16 AM

 
Ven Koralayagama Saranathissa Thero - The Buddhist TV - 2021-07-11 පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ - බෞද්ධයා රූපවාහිනී නාළිකාව 2021-07-11 ධම්මපද පාළියේ මල වර්ගයට අයත් 17 වෙනි ගාථා රතනය ඇසුරෙන් ධර්ම දේශණාව බණ අහන්න පැමිණි 5 දෙනෙකු දක්වපු ඉරියව් අරඹයා බුදුරජාණන් වහන්සේ දේශණා කරලා ලද ගාථා රතනය. බණ අහගෙන ඉන්න කොට ටික වෙලාවකින් එක් කෙනෙක් නිදාගත්තා. තව කෙනෙක් මහපට ඇඟිල්ලෙන් බිම හාරන්න ගත්තා තව කෙනෙක් ටිකක් බණ අහල නැගිටලා ගිහින් ගහක අත්තක් හොල්ල හොල්ල ඉන්නවා තවත් කෙනෙක් බණ අහන ගමන් නිතර නිතර උඩ බල බල ඉන්නවා අන්තිම කෙනා ඉතාමත් හොදින් බණ ශ්‍රවණය කරනවා. මේ බණ අහන 5 දෙනාගේ ඉරියව් ආනන්ද තෙරුන් හොඳට නිරීක්ෂණය කරලා ඒ බණ දේශණාව අවසානයේ බුදුරජාණන් වහනසේගෙන් මේ පිළිබඳ කරුණු විමසන්න යෙදුණා. ආනන්ද ඔය බණ අහන ගමන් නිදාගත්තා කෙනා ආත්ම 500ක් එකදිගට නාගයෙක් වෙලා ඉපදුණ කෙනෙක් ඒක නිසා තමයි ඒ පුරුද්දට නින්දට වැටුණේ. පොළව හාර හාර ඉඳපු කෙනා පසුගිය ආත්ම 500ක් එක දිගට ගැඩවිල් කුළයේ ඉපදුණ නිසා පොළව හාරන ඒ පුරුද්ද ඔහු ළඟ තාම තිබෙනවා. අත්ත හොලව හොලව හිටපු කෙනා එක දිගට ආත්ම 500ක් වඳුරු කුළයේ ඉපදුණ නිසා ඒ පුරුද්දට තමයි එහෙම කරේ. එක්කෙනෙක් හැරෙන්න අනිත් සියළු දෙන බුදුරජාණන් වහන්සේගේ බණ සිහිකල්පනාවෙන් ශ්‍රවණය කරේ නැති වෙන්න හේතුව. සමහර වෙලාවට උදේට කඩපිලට ගියාම දවල් කෑමට ගෙදර එනකම් කරනේ වැඩකට නැති දේවල් කතා කර කර ඔහේ කාලය නාස්ති කර කර සිටිනවා. මේ අයත් අන්න ඒ වගේ සංසාරයේ අප්‍රමාණ විදියට... ඔවුනට එක ඉරියව්වකින් බණ අහන්න බැරි හේතුව තමයි සසර පුරා පුරුදු කරපු රාගය. .. මේ ගිනි 11න් දිවා රෑ සත්වයා දවනවා. මෙයින් එක ගින්නක් තමයි රාගය කියන්නේ.. රාග ගින්න කියන්නේ අළුත් නැතුවම සත්වයා දවන ගින්නයි. සූර්යයන් 07ක් පහල වෙන කාලයේ කල්පාන්ත ගින්නක් එනවා.මේ කල්පාන්ත මහා ගින්නටත් වඩා රාග ගින්න හරි භයානක බව සඳහන් වෙනවා. රාග ගින්න නිසා කෙනෙකු මරල තමනුත් සියදිවි නසාගන්න අවස්ථා අපි දැකල අහල තිබෙනවා.. ද්වේශ ගින්න නිසාත් සත්වයා ආර්ථික වශයෙන් විනාශ වෙනවා. කායික මානසික වශයෙන් විනාශ වෙනවා. ද්වේශය අධික කෙනාගේ නහර වැල් ඉලිප්පිලා, ඇස් එලියට පැනල මුහුණ කළු වෙලා අපිට බලාගන්න පුළුවන් සසර ඉතාම ප්‍රියමනාප ලස්සන සුන්දර පෙනුමක් ලබන්න කළයුතු පිංකම් මොනවද ? කොච්චර ගුණ දම් සම්පුර්ණ කරල තිබුණත් ද්වේශ සිතකින් මැරුණොත් විෂ සහිත සර්පයන් සතුන් වෙලා ඉපදෙන බව.. කෙනෙක් තමන් මැරෙනවා කියන කාරණාව වත් හරියට දන්නේ නැහැ ඒක අමතක වෙලා. කාලාම සූත්‍රය ඇසුරු කරන අද සමහරු කියනව භාග්‍යවතුන් වහන්සේ කිව්වා දේ වත් පිළිගන්න එපා කියල මේ තණ්හාව හරියට ගඟක් වගේ කියල සඳහන් කරලා තිබෙනවා..