Home » Entertainment » Tujh Mein Rab Dikhta Hai cover by Shanudrie ♥️

Tujh Mein Rab Dikhta Hai cover by Shanudrie ♥️

Written By Shanudrie on Friday, Apr 17, 2020 | 09:31 AM

 
Rabne Banadi Jodi film එකේ Shreya Ghoshal ගායනා කරන Tujh Mein Rab Dikhta Hai ගීතයට මම ආස වුනේ ආදරේ ගැන හරියට තේරුමක් වත් නැති වයසෙදි. තේරෙන වයසට ඇවිල්ලා මේ ගීතයේ අර්ථය තේරුම් ගත්තට පස්සේ මම ගීතයේ ඇති වචන වලට ආදරය කරන්න පටන්ගත්තා. පුද්ගලයෙක් ගෙන් ලැබෙන ආදරයට වඩා ඒ කෙනා ළග සිටින විට දැනෙන ඒ හැගීම, ඒ කෙනා ළග නැතිවුන විට දැනෙන හැගීම සහ එවන් කෙනෙක් තුලින් දෙවියන් දැකීමට ලැබීම කෙතරම් දෙයක්ද♥️ මේක පොඩි experiment එකක්. මේ සිංදුව ගායනා කරන්න මට එච්චර පහසු නෑ. ඒත් මම කීප වතාවක් තනියෙම ගායනා කරලා තියනවා. මේ සැරේ මම phone එකෙන් සිංදුව එක දිගට ගායනා කරලා record කරා. ඒක නවාන් ට යැව්වම එයා music arrangements කරලා මට එව්වා. ඒ ඇරුනම වෙන voice changes/corrections මුකුත් කරලා නෑ. Video එක shoot කරේ මගේ කාමරේ, phone එකෙන්. මගේ ලොකු අක්කා තමයි video කරලා ඒක edit කරේ. ඔයත් ගෙදර ඉන්න එකේ ඔයාටත් අහන්න, බලන්න දෙන්න හිතුවා. අඩුපාඩු අනිවාර්යෙන් ඇති singing, pronunciation සහ video quality එකේ, ඒත් ඔයාගෙ comment එක මට ගොඩක් වටිනවා. ඒ නිසා ඇත්තටම හිතට දැනුන දේ කියලා යන්න. ♥️ - ශනුද්‍රී Vocals by Shanudrie Music arrangements by Nawan Perera DOP and edited by Dinakshie හැමෝම පරිස්සමින් ඉන්න.